වතර්මනයේ පවතින ආරක්ෂත තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ප්‍රංශයේ හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කළ යුතු අතර, එය කිසිදා අවසන් නොවනු ඇති බවද ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බර්නාඩ් කැසනෙවු පවසයි.
පසුගිය නොවැම්බර් මස 13 වැනිදා පැරීසියට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එරට හදිසි නීතිය තවත් මාස 3කින් දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ පසුගියදා පාර්ලිමේන්තුවට කීය.
කෙසේ වෙතත්, හදිසි නීතිය යටතේ කඩවන සිවිල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රංශය තුළ මේ වනවිට විවාදයක් හටගෙන තිබේ.
මෙම හදිසි නීතිය යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට අමතර බලයක් ආරක්ෂක අංශ වෙත උදාවන අතර, අධිකරණ නියෝගයකින් තොරව සෝදිසි මෙහෙයුම් දියත් කිරීමේ බලයද හිමිවෙයි.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසන්නේ ප්‍රංශය තුළ ත්‍රස්ත අවදානමක් ඇති බව සිතන තාක්කල් අපට හදිසි නීතිය අවශ්‍ය වේවි යනුවෙනි.