ප්‍රංශය තුළ ක්‍රියාත්මක ත්‍රස්ත සැලසුම් ව්‍යර්ථ කරමින් ත්‍රස්ත ජාලය විනාශ කිරීමට ප්‍රංශ ආරක්ෂක අංශ සෑම දිනකම දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බව අගමැති මැනුවෙල් වෝල්ස් පවසයි.
ප්‍රංශය තුළ ජිහාඩ් අන්තවාදීන් හඳුනාගැනීමේ මෙහෙයුම් ආරම්භයේ සිට මේ වනවිට 15,000ක පමණ පිරිසක් ආරක්ෂක අංශවල උකුසු ඇසට නතුවී ඇති බවත්, ඔවුන් බොහෝ දෙනෙකු අන්තවාදයේ ගොදුරු බවට පත්ව ඇති බවත් අගමැතිවරයා පවසයි.
මීට පෙර ප්‍රංශය පවසා සිටියේ මෙවැනි අවදානමක් පවතින 10,000ක් පමණ හඳුනාගෙන ඇති බවයි.
පසුගිය සෙනසුරාදා පැරීසයේදී 15 හැවිරිදි නව යොවුන් වියේ තරුණයෙකු අත්අඩංගුවට පත්ව තිබුණේ, සති අන්තයේදී ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටියදීය.
මෙම තරුණයා පසුගිය අප්‍රේල් මාසයේ සිට එරට ආරක්ෂක අංශවල උකුසු ඇසට නතුව තිබුණු බවත්, ඔහු IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ප්‍රංශ සාමාජිකයෙකු සමග සබඳතා පවත්වමින් සිටි බවත් ආරක්ෂක අංශ කියයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැරිස් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එරට තුළ හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක වන අතර, මෙය ත්රස්තවාදයට එරෙහි යුද්ධයක් බව ප්‍රංශ ජනපති හොලන්දේ අවධාරණය කර තිබේ.