ඊසානදිග ප්රංශයේ පැවති සංගීත ප්රසංගයක් අතරතුර සිදුවූ අකුණු සැර වැදීමකින් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
සංගීත ප්රසංගය පැවති ඇසරලීස් නගරයේ ස්ථාන කිහිපයක් වෙතම මෙම අකුණු සැර වැදීම සිදුව ඇති අතර, තුවාල ලැබූවන් අතර කුඩා දරුවන්ද සිටින බව බලධාරීහු පවසති.
සංගීත සංදර්ශනය පැවැත්වෙන අවස්ථාවේදී ඔවුන් ඒ අසල කූඩාරම්වල රැඳී සිට ඇති අතර, ඔවුන් සෘජුවම අකුණුවලට නිරාවරණය වීමෙන් පිළිස්සුම් තුවාල ලබා ඇති බවද කියැවෙයි.
මෙසේ තුවාල ලැබූවන් අතරින් වයස අවුරුදු හැට ගණනක කාන්තාවක් සහ 44 වැනි වියෙහි පසුවන අයෙකු බරපතල තත්ත්වයෙන් ප්රතිකාර ලබන බවද වැඩිදුරටත් වාර්තා වෙයි.