ප්‍රංශයේ බැංකු පද්ධතිය ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ආනවරණය කරගැනීමට හැකිවී තිබේ.
දකුණුදිග ප්‍රංශයේ මහල් නිවාස සංකීර්ණයක් පරීක්ෂා කිරීමේදී පුපුරණ ද්‍රවය ග්‍රෑම් 100ක් සොයාගැනීමට ප්‍රංශ පොලීසියට හැකිවූ බවද විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙම බෝම්බ ප්‍රහාර සැලසුම පිළිබඳ සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට අනුව අත්අඩංගුවට පත්වූවන් තමන් කිසිදු ත්‍රස්ත සංවිධානයකට අයත් නොවන බව පවසා ඇත.
නමුත්, ඔවුන් පිළිබඳ වැඩිදුර තොරතුරු විමර්ෂණය කිරීමේදී ඔවුන්ට සිරියාව සමග දුරකථන ඇමතුම් පැවතී ඇති බව අනාවරණය වෙයි.
එහිදී, ඔවුන් බැංකු පිපිරීම සඳහා අධිබල ටී,ඒ.ටී.පී. පුපුරණ ද්‍රව්‍ය යොදා සෑදූ බෝම්බ භාවිත කිරීමට උත්සාහ කර ඇති අතර, මෙම පුපුරණ ද්‍රව්‍ය ත්‍රස්ත සංවිධාන සතුව තිබෙන නිසා ඔවුන් හා ත්‍රස්ත සංවිධානයක් අතර සබඳතාවක් එක්වර ප්‍රතික්ෂේප කළ නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම පුපුරණ ද්‍රව්‍ය ජිහාඩ් ත්රස්තවාදීන් විසින් සිය ප්‍රහාර සඳහා වැඩි වශයෙන් යොදාගත් පුපුරණ ද්‍රව්‍යක් ලෙසද සැලකෙයි.
එහිදී, පුපුරණ ද්‍රව්‍ය බැංකුවල කවුන්ටර තුළින් සල්ලි ආකාරයෙන් ලබාදෙමින් පිපිරවීම් සිදුකිරීමේ සැලසුමක් තිබී ඇති බව අනාවරණය වෙයි.
ප්‍රංශය තුළ පසුගිය වසරේ සිදුවූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ම්ලේච්ඡ ප්‍රහාරයේ සිට මේ වනවිට පැරීසියේ ත්‍රස්ත අවදානම ඉහළ නංවා තිබේ.