ලෝක ප්රකට ප්ලේබෝයි සඟරාව නිරුවත් ළඳුන්ගේ ඡායාරූප පළ කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
එම සඟරාව නව මුහුණුවරකින් පාඨකයන් වෙත ලබාදීමේ තීරණයත් සමග මෙසේ නිරුවත් ඡායාරූප සඟරාවෙන් ඉවත් කරන බව එහි ඇමෙරිකානු හිමිකරුවෝ පවසති.
ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ අන්තර්ජාලය ලොව පුරා ප්රචලිත වීමත් සමග නිරුවත යල්පැන ගිය මාතෘකාවක් බවයි. එකී අන්තර්ජාල ලෝකයේ, කාමෝද්දීපන සඟරාවලට තවදුරටත් වෙළෙඳ පොළ තරගකාරීත්වයක් නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.
1970 වසරේදී මිලියන 5.6ක බෙදාහැරීමක් වාර්තා කළ ප්ලේබෝයි සඟරාව මේ වනවිට ලක්ෂ 8 දක්වා අඩුවී ඇති බවද නිල වාර්තා පවසයි.
මෙසේ නිරුවත් ඡායාරූප පළ කිරීම වෙනුවට සොඳුරු ළඳුන්ගේ මනමෝහනීය ඡායාරූපවලින් සඟරාව වර්ණවත් වනු ඇති බවද ඔවුහු පවසති.