ඊශ්රායල් බස් රථයක් ඉලක්ක කරමින් ජෙරුසලමේදී එල්ල වූ පලස්තීන ප්රහාරය මූලික කරගනිමින් ඊශ්රායල් ආරක්ෂක අංශය විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, ප්රහාරය සිදුවූ කලාපයේ මාර්ග බාධක යොදමින් වාහන ගමනාගමනය සීමා කර ඇති බවද වාර්තා වෙයි.
ඊශ්රායල් පොලීසියට අමතරව, හමුදාවේ සිය ගණනක්ද ආරක්ෂාව තහවුරු කිරීමට යොදවා ඇති බව වාර්තා වෙයි.
පසුගියදා සිදුවූ වෙඩි තිබීමෙන් හා පහරදීමෙන් පලස්තීන ජාතිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.