පරිසරයට හානි කරන කර්මාන්තශාලා හොයන්න චීනය කේලමුන් යොදයි
පරිසරයට හානි සිදු කරමින්, කාර්මික දූෂණයන් සිදුකරන කර්මාන්ත ශාලා පිළිබඳ ඔත්තු බැලීම සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගැනීමට චීනය කටයුතු කරමින් සිටියි.
චීනය තුළ පරිසර ආරක්ෂණ නීති නිසි අන්දමින් සැලකිල්ලට ගනිමින්, ඒවාට අනුකූලව එම ආයතන ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බැලීම මෙකී යානාවල කාර්ය භාරය බව චීනය කියයි.
විශේෂයනේම, චීනයේ උතුරුදිග ප්‍රාන්තවල ඇති වානේ කම්හල්, බලාගාර හා අනෙකුත් කර්මාන්තශාලාවලින් පිට කරන අපද්‍රව්‍ය කළමනාකරණය කරන ආකාරය මෙම නියමුවන් රහිත ගුවන් යානාවල නිරීක්ෂණයට ලක්වන බව වැඩිදුරටත් කියැවෙයි.
චීන බලධාරීන් පෙන්වා දෙන්නේ මෙකී යානාවල ඇති අධෝරක්ත කැමරා දවසේ පැය 24 පුරාම, ඕනෑම වෙලාවක ඔත්තු බැලීම සඳහා සුදානම් කර ඇති බවයි.
චීනයේ සංවර්ධන ක්‍රියාවලිය සමග අධික පරිසර දූෂණයක් සිදුවන අතර, ඒ තත්ත්වය තුළ පරිසරයට මුදාහරින අපද්‍රව්‍ය ප්‍රමාණයද ශීඝ්‍රයෙන් වැඩිවී තිබේ.
නමුත්, මේ තත්ත්වය පාලනය කරමින් පරිසර දූෂණයෙන් චීනය මුදා ගැනීමට වත්මන් චීන බලධාරීහු දැඩි ප්රයන්තයක නියැලෙමින් සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

