ආර්ථික වර්ධනය 7.5% දක්වා ඉලක්ක කිරීමට හා ආරක්ෂක වියදම 12.2% කින් වැඩි කිරීමට චීනය සැරසෙයි. එරට පාර්ලිමේන්තුවේ වාර්ෂික සැසිවාරය ආරම්භ කරමින් චිනය මෙසේ නිවේදනය කළේය.
තම රජයේ ප්‍රධාන කාර්යය එරට ආර්ථිකය සංවර්ධනය කිරීම බව චීන අග්‍රාමාත්‍ය ලී කෙඛින්ග් මෙහිදී පවසා සිටියේය. නමුත්, ඒ වෙනුවෙන් වේදනාකාරී ව්‍යුහාත්මක සීරුමාරු කිරීම් අත්‍යවශ්‍ය බවද චීන නායකයා පෙන්වා දුන්නේය.
පරිසර දූෂණයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කරන බව පවසා සිටි චීන අග්‍රාමාත්‍යවරයා, අනුකම්පා විරහිතව දූෂණය නවත්වන බවත්, ත්රස්තවාදයට තිත තබන බවත් අවධාරණය කළේය.
මේ අතර, ෂි ජින්ග්පින්ග් චීනයේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව වසරක් ගත වීමද සිදුවිය.
දින 10ක් පුරා පැවැත්වෙන මෙම පාර්ලිමේන්තු සැසිවාරය වෙනුවෙන් චීනය පුරා විසිරී සිටින නීති සම්පාදකයන් 3,000ක් පමණ සහභාගි වන බව වාර්තා වෙයි.