පකිස්තානයේ මාධ්‍ය පාලක මණ්ඩලය විසින් එරට මුල් පෙළේ මාධ්‍ය ආයතනයක් වන GEO රූපවාහිනී ආයතනයට දින 15ක තහනමක් පණවා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
එම ආයතනයේ ජනමාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධියකට පාකිස්තානයේ බුද්ධි අංශය සම්බන්ධ බවට චෝදනා කරමින් ඔවුන් ප්‍රචාරය කළ වාර්තාවක් සම්බන්ධයෙන් පාකිස්තාන ආරක්ෂක අමාත්‍යංශය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම තහනම පනවා ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත් එම රූපවාහිනී ආයතනය පෙන්වා දෙන්නෙ පකිස්තානයේ මාධ්‍ය පාලක මණ්ඩලයේ තීරණය ඒක පාර්ශවීය එකක් බවයි. එහිදී, තමන් ප්‍රචාරය කළ වාර්තාව සම්බන්ධයෙන් දැනටමත් සමාව ඉල්ලා ඇති බවද එම රූපවාහිනී ආයතනය පවසයි.