ජීවත්ව සිටින පුද්ගලයන්ද මියගිය බව සඳහන් කරමින් අනුස්මරණීය ශෝක පණිවුඩයක් නිකුත් වීම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව පවසා ෆේස්බුක් සමාජජාල සමාව ගෙන තිබේ.
තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයන්ගේ ප්‍රොෆයිල් මත මෙම අනුස්මරණීය බැනර දිස්වීම සිදුව ඇති අතර, එසේ ෆේස්බුක් භාවිත කරන්නන් වෙත නිකුත් වී ඇති මෙම අනුස්මරණීය පණිවුඩය ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ ෆේස්බුක් ගිණුමටද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
ෆේස්බුක් සමාජජාලය භාවිත කළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මින් අපහසුතාවට පත්ව ඇති අතර, මේ වනවිට එම තාක්ෂණික දෝෂය නිවැරදි කිරීමට ෆේස්බුක් කටයුතු කරමින් සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.