ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල නිවස වන ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් සඳහා වාර්ෂික පැවැත්වෙන ධවල මන්දිර භෝජන සංග්‍රහයට සහභාගි වූ ජනාධිපති බරැක් ඔබාමා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්, ඔබාමා පාලනය හඳුන්වා දුන් නව සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදය සහ ඔහුගේ දේශපාලන ප්රතිමල්ලවයන් පිළිබඳව සරදම් කරමින් පැමිණ සිටි පිරිස් විනෝද සාගරයක ගිල්වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ධවල මන්දිරයේදී වාර්ෂිකව පැවැත්වෙන මෙම භෝජන සංග්‍රහය සඳහා කීර්තිමත් පුද්ගලයන්, ජනමාධ්‍යවේදීන් හා දේශපාලනඥයින් රැසක් සහභාගි වෙති.
සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවූ පරිගණක ආශ්රිත ගැටළු හා දෝෂ උපහාසයට ලක් කළ ජනපති ඔබාමා ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් උපහාසයට ලක්කරන්නට වූයේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් උදාහරණයට ගනිමිනි.
"රුසියනු ජනාධිපති පූටින්ට නොබෙල් සාම ත්‍යාගය ලැබෙන බව කොන්සර්වෙටිව් විචාරක වන පැට් බුචානන් ගිය වසරේ කිවුවා. ඇත්තටම කිවුවොත් මේ දවස්වල ඕනෑම කෙනෙකුට නොබෙල් ත්‍යාගය දෙනවා. එහෙම බැලුවොත් ඒක වෙන්නත් පුළුවන්" යැයි ඔබාමා කියා සිටියේ සරදමට මෙනි.
මෙහි අනෙක් කතාව නම්, මෙසේ රුසියානු ජනාධිපතිවරයා උපහාසයට ලක්කරන ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාද 2009 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූවෙකු වීමය.
.gif)
.gif)