බ්‍රිතාන්‍ය ශිෂ්‍යාවක වූ මෙරේඩිත් කර්ච්නර් ඝාතය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඇමෙරිකානු ජාතික ඇමෙන්ඩා නොක්ස් හා ඇයගේ ඉතාලි ජාතික පෙම්වතා වූ රෆායෙල් සොලිසිටෝ නිදොස් කොට නිදහස් කිරීමට ඉතාලියේ ඉහළ අභියාචනාධිකරණයක් තීරණය කර තිබේ.
2007 වසරේදී සිදුවූ ආන්දෝලනාත්මක මරණය සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව ලෙස මෙය ප්‍රකාශයට පත් වී තිබේ.
එවකට 21 හැවිරිදි වියේ පසුවූ කර්ච්නර්ගේ දේහය ඇය සහ නොක්ස් නවාතැන් ගෙන සිටි ඉතාලි නවාතැනේ තිබී සොයාගන්නා ලදී.
ඒ අනුව, මෙම මරණය සම්බන්ධයේ නොක්ස් හා සොලිසිටෝ 2009 වසරේදී වැරදිකරුවන් බවට පත්වූ අතර, 2011 දී නැවත ඔවුන් නිදහස් කරනු ලැබීය. කෙසේ වෙතත්, පසුගිය වසරේදී එය යළි ඉහළ අභියාචනාධිකරණයක් වෙත කැඳවීය.
මෙම තීන්දුවෙන් තමන් මහත් අස්වැසිල්ලක් ලැබූ බව නොක්ස් මාධ්‍යයට පවසා සිටියාය. මෙම නඩුව පසුගිය කාලය පුරා ලොව පුරා මාධ්‍යයේ අතිශය ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය.