නේපාලයේ හිමාලය ආශ්රිතව ඇතිවූ හිම කුණාටුවක් හේතුවෙන් කඳුනගින්නන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව නේපාල බලධාරීහු පවසති.
හිමාලය තරණය කර නැවත පැමිණෙමින් සිටි අවස්ථාවේදී ඔවුන් මෙම හිම කුණාටුවට හසුව ඇති අතර, එහිදී හිම කඳු කඩා වැටීම්ද සිදුව ඇති බව පැවසෙයි.
මියගිය පිරිස අතර නේපාලය, පෝලන්තය හා ඊශ්රායලය යන රටවල කඳු නගින්නන් සිට ඇති අතර, අතුරුදන් පිරිස 40ක් පමණ වන බව කියැවෙයි.
මේ අතර, තවත් හිම කඳු කඩා වැටීමක් හේතුවෙත් ඊට ආසන්න ප්රදේශයක තවත් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද විශ්වාස කෙරෙයි.
බලධාරීන් පවසන්නේ ඉන් සිවුදෙනෙකු කැනඩා ජාතිකයන් බවත්, අනෙක් පුද්ගලයා ඉන්දීය ජාතිකයෙකු බවත්ය.
මේ අතර, තවත් ප්රදේශයක හිම කඳු කඩා වැටීමක් හේතුවෙන් නේපාල ජාතික ගොවීන් තිදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.