නේපාලයේ සිදුවූ දරුණු නායයෑමකින් නිවාස රැසක් පස් කඳුවලට යටවී, ජීවිත හතරක් මේ වනවිටත් බිලිගෙන ඇති බව එරට පුවත් සේවා උපුටා දක්වමින් බී.බී.සී.ය පවසයි.
නේපාලයේ කත්මණ්ඩු අගනුවරට නැගෙනහිරින් පිහිටි සන්කෝෂි ගංගාව ආශ්‍රිතව මෙම නායයෑම වාර්තා වන අතර, සිදුවීමෙන් පසු උස් බිම්වල සිටි සියලු ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන කරා ගෙනයෑමට මුදාගැනීමේ කණ්ඩායම් කටයුතු කරන බව පැවසෙයි.
නායයෑමෙන් පසු ගංගාවටද පස් වැටීමෙන්, ගංගාව හරස් වී තවත් විශාල විනාශයක් වීමේ අවදානමක් පවතින බැවින් එරට හමුදාව යොදවා ගංගා ජලය බැස යෑමට අවශ්‍ය කැණීම් කටයුතු සිදුකරන බවද කියැවෙයි.
සින්ධුපල්චොක් දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම නායයෑම හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි මීට වඩා වැඩි විය හැකි බවද එරට මාධ්‍ය උපුටා දක්වයි.
සින්ධුපල්චෝක් දිස්ත්‍රික්කය කත්මණ්ඩු නුවරින් සැතපුම් 75ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇත.
මේ සිදුවීමෙන් පසු ටිබෙටය බලා ගමන් කරන අර්නිකෝ ප්‍රධාන මාර්ගයද වසා දමා තිබේ.
ජූනි - සැප්තැම්බර් කාලවල බලපාන අධික මෝසම් තත්ත්වයන් සමග මේ ආකාරයේ නායයෑම් මෙම කලාපය තුළ බහුලව දැකිය හැකිය.