නේපාලයේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 30ක් ජීවිතක්ෂයට පත්ව, තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාරතා පවසයි.
නේපාලයේ, රසුවා දිස්ත්රික්කයේ කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබියදී මාර්ගයෙන් පිටතට පැන ඇති බස් රථය මීටර් 150ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
වාර්තාවන්ට අනුව, අනතුරට පත් බස් රථය නේපාලයේ කත්මණ්ඩු අගනුවර සිට චිලිමේ ගම්මානය වෙත ගමන් කරමින් සිට ඇත.
අනතුරට හේතුව පැහැදිලි නොමැති බව පොලීසිය පවසයි. මේ අතර, තුවාල ලැබූවන් ක්ෂණිකව රෝහල්ගත කිරීමට ගම්වාසීන් හා පොලීසිය කටයුතු කර ඇත.
එම දිස්ත්රික් ප්රධානියෙකු පවසා ඇත්තේ මෙම මාර්ගයේ බස්රථවල වහලයේ පවා මගීන් ගමන් කරන බවත්, ප්රමාණය ඉක්මවූ මගීන් අනතුරට හේතු වන්නට හැකි බවත්ය.