නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගම විසින් පසුගිය දින කීපයේදී නැවත කැඳවන ලද නැවුම් කිරි යොද (Fresh Milk Cream) තොගය භාවිතයට නොගන්නා ලෙස චීනයේ ප්රමිතිකරණ නිරික්ෂණ ආයතනය එරට පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි බව වාර්තාවෙයි.
තම සමාගම විසින් බෙදාහැරි නැවුම් කිරි යොද නිෂ්පාදන බෝතල් 9000 කට ආසන්න ප්රමාණයක ඊ-කොලයි බැක්ටීරියාව ඇති බවට ෆොන්ටෙරා සමාගම නිවේදනයක් නිකුත් කිරීමත් සමගම චීන බලධාරිහු මෙම පියවර ගත්තේය.
ජනවාරි 06 වැනිදා නිපදවූ මෙම කිරි නිෂ්පාදන තොගය ලබන ජනවාරි 21 වැනිදායින් කල් ඉකුත්වෙන බවත් එම නිවේදනයේ සඳහන්ය. තවමත් මෙම නිෂ්පාදන චීනය වෙත ආනයනය කර නොමැති වුවත් විදෙස් රටවලදී මිලදී ගත් මෙම කිරි චීනය වෙත රැගෙනවිත් පැවතීම හෝ පාර්සල් වශයෙන් එවීම සිදුකර ඇතැයි විශ්වාස කෙරෙන බවත් අනතුරු ඇඟවීම සිදු කිරීමට එය හේතුවුණු බවත් එරට ප්රමිති නිරික්ෂණ ආයතනය වැඩිදුරටත් පවසයි.
මෙය ගෙවුණු මාස හයක කාලයක් තුළ නවසීලන්තයේ ෆොන්ටෙරා නිෂ්පාදන සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ දෙවැනි අවස්ථාවද වෙයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ෆොන්ටෙරා වේප්රෝටීන නිෂ්පාදන තුළ බොටුලියම් නම් බැක්ටීරියාව පවතින බවට වාර්තා පළවීමත් සමගම චීනය එම සමාගම නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීම නවත්වා දැමුණි.
china.org.cn ඇසුරෙනි