ඔස්ට්‍රේලියාව තුළ සරණාගතභාවය ඉල්ලා සිටි සෝමාලියානු ජාතික කාන්තාවක් පැසිෆික් සාගරයේ පිහිටි නාවුරු දිවයිනේ රැඳවුම් මධ්‍යස්ථානයේදී සිය සිරුරට ගිනි තබාගෙන තිබේ.
තම ශරීරයට ඉන්ධන හලා ගනිමින්, ඊට ගිනි තබාගෙන ඇති මෙම කාන්තාව වයස අවුරුදු 21ක පමණ තැනැත්තියක බවත්, එම අනතුරින් ඇයගේ සිරුර දැඩි පිළිස්සීමකට ලක්ව ඇති බවත් කියැවෙයි.
මෙම කඳවුරු භූමියේදී මිට සතියකට පෙර වයස අවුරුදු 23ක ඉරාන ජාතිකයෙකුද සිය සිරුරට ගිනි තබාගෙන ජිවික්ෂයට පත්විය.
ඔස්ට්‍රේලියාව වෙත පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් රඳවා තැබෙන රැඳවුම් මධ්‍යස්ථානයක් ලෙස එරටින් පිට, පැසිෆික් දූපතක් වූ නාවුරු දූපතේ කඳවුර සැලකෙයි.
මේ අතර, සරණාගතයන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ පිළිවෙත බොහෝ මානව හිමිකම් සංවිධානවල දෝෂාරෝපණයට ලක්ව තිබේ.