1945 අගෝස්තු 9 වැනිදා ජපානයේ නාගසාකි නගරයට ඇමෙරිකාව විසින් පතිත කළ පරමාණු බෝම්බයේ මහා ඛේදවාචකය සිහිපත් කෙරෙන 69 වැනි සැමරුම පසුගියදා එම නගරයේදී පැවැත්විණි.
මෙම උත්සවයට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මෙන්ම, එරට ඇමෙරිකානු තානාපතිනියද සහභාගි විය.
කෙසේ වෙතත්, හමුදාවට වඩාත් නිදහස් ලෙස ක්‍රියා කිරීම සඳහා අනුමැතිය දීමට ජපන් රජය ගත් තීරණයට එරෙහිව නැගෙන ජනතා අකමැත්ත සැලකිල්ලට ගන්නා ලෙසට නාගසාකි නගරාධිපතිවරයා ජපන් රජයට බලකරමින් සිදුකළ විශේෂ දේශනය එහිදී කාගේත් කතාබහට ලක්විය.
නගරාධිපතිවරයා විසින් ජපාන රජයේ මෙම ක්‍රියාව විවේචනයට ලක් කළේ මෙය ජපාන පැසිෆික් ව්‍යවස්ථාව දුරදිග නොබලා ප්‍රතිඅර්ථ නිරූපනය කිරීමක් ලෙසට පෙන්වාදෙමිනි.
ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ පසුගියදා පවසා සිටි ප්‍රකාශයක්ද මෙම කතාබහට තුඩුදී ඇති අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා තිබුනේ, ප්‍රහාරයකදී මිත්‍ර හමුදාවන්ට සහාය දීමට රජයේ හමුදාවන්ට හැකිවනු ඇති බවයි.
නමුත්, පරමාණු බේම්බයකින් බැටකෑ නාගසාකි නගරාධිපතිවරයා අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු තම රට රැකගෙන ආ යුදවලට මැදිහත් නොවී සිටීමේ ප්‍රතිපත්තිය නොසලකා හැරීමක් බව මෙහිදී පවසා සිටියේය.