යුරෝපීය බැංකු පද්ධතිය නවීන සයිබර් හොරුන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් ඇති බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඒ අනුව, මේ දක්වා මේ සයිබර් හොරුන් විසින් යුරෝපීයයන් 190කට වැඩි පිරිසකගේ බැංකු ගිණුම්වලින් මුදල් සොරාගෙන ඇති බව විශේෂඥයෝ පවසති.
කැස්පස්කි ලැබ් පෙන්වා දෙන පරිදි මෙම බැංකු හොරුන්ට හසුවූවන්ගෙන් වැඩි පිරිසක් ඉතාලිය හා තුර්කිය යන රටවල ජීවත්වන්නන් ය.
මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුම්වත් කර ඇති බව ඔවුන් පෙන්වා දෙන අකර, මොවුන් අල්ලා ගැනීමට කඩිනම් පියවර නොගතහොත් ඔවුන් පරිගණක තුළ තමන් විසින් සිදුකර ඇති පියසටහන් සියල්ල මකා දැමීමට කටයුතු කරනු ඇති බව පැවසෙයි.
කෙසේ වෙතත් මෙම ප්රහාරයන්ට සම්බන්ධ ගනුදෙනුකරුවන්ගේ බැංකු හෙළි නොකිරීමටද ඔවුන් වගබලාගෙන තිබේ.