නවසීලන්තයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසුව ඉන් වැඩි බලපෑමක් සිදුවූ කිකොවුරා ප්‍රදේශයේ වැසියන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
දකුණුදිග නවසීලන්ත දූපතේ කිකොවුරා ප්‍රදේශයේ සිදුවන මුදාගැනීමේ මෙහෙයුම්වලට වර්ෂාවෙන් හා ප්‍රබල සුළංවලින් බාධා පැමිණියත් නවසීලන්ත ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා හතරක් යොදාගනිමින් එම මෙහෙයුම අඛණ්ඩව සිදුවන බව කියැවේ.
විශේෂයෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් ලෙසද සැලකෙන මෙහි, වාසය කරන්නන් මෙන්ම, ඒ වෙත පැමිණි සංචාරකයන්ද මුදාගැනීමේ මෙහෙයුම්වලදී මුදාගැනෙන බව කියැවෙයි.
භූ කම්පනය සමග සිදුවූ නායයෑම් හේතුවෙන් ක්‍රිස්ට්චර්ච් නගරයට ඊසානදිගින් පිහිටි මෙම නගරය වෙත ගොඩබිමින් සිදුකෙරෙන ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන් අඩාලව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ප්‍රධාන භූ කම්පනයෙන් පසුව මේ වනවිට පසුකම්පන 100කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුව ඇති අතර, අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තර්ජනයක්ද එම ප්‍රදේශයට බලපා තිබීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇණීමට සමාන තර්ජනයක් බවද පැවසේ.