නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් පළාතේ ඇති වූ ප්‍රබල භූ කම්පනය හා පසුකම්පනවලින් පසුව ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඇමෙරිකාව, කැනඩාව හා ඔස්ට්‍රේලියාව යන රටවල යුද නෞකා එරට වෙත ළඟා වී තිබේ.
සඳුදා අලුයම් කාලයේදී ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පසුව තවත් පසු කම්පන 100කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති අතර, මෙම ආපදා තත්ත්වයෙන් මේ වනවිට පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටී.
භූ කම්පනයෙන් වැඩිම හානියක් සිදුවූ කයිකොවුරා ප්‍රදේශයේ මාර්ග රැසක ධාවනය අඩාල වී ඇති අතර, යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට පත්ව ඇති බවද කියැවෙයි.
තල්මසුන් නැරඹීමද ඇතුළුව සංචාරකයන් ආකර්ෂණය කරන ප්‍රදේශයක් බැවින් මෙම භූ කම්පනයත් සමග සංචාරකයන් රැසක්ද එම ප්‍රදේශ තුළ කොටුවී සිටින බව විදෙස් වාර්තා පවසයි.
අඟහරුවාදා දිනයේ සිට හෙලිකොප්ටර් යානා යොදාගෙන මුදාගැනීමේ මෙහෙයුම් සිදුකළත් අයහපත් කාලගුණයෙන් ඊට බාධා පැමිණ වී තිබුණි.
නවසීලන්ත නාවික හමුදාවට අයත් යුද නෞකාවක් මේ වනවිටත් ඒ ආසන්නයේ සිට මෙම මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වී සිටින අතර, ඒ සඳහා ඔස්ට්‍රේලියා, කැනඩා හා ඇමෙරිකනු යුද නෞකාද එක්වීමට නියමිතය.
ඇමෙරිකාවෙන් පැමිණි යූ.එස්.එස්. සැම්ප්සන් යුද නෞකාව වසර 30කට පසුව නවසීලන්තයට පැමිණි ප්‍රථම යුද නෞකාව බවද කියැවෙයි.