උතුරු කොරියාවේ හයවැනි හා විශාලතම න්‍යෂ්ටික අත්හදා බැලීමට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නව සම්බාධක පැනවීමක් සිදුකර තිබේ.
මෙම නවතම සම්බාධකවලදී තෙල් ආනයනය සහ රෙදිපිළි අපනයනය සඳහා තහනමක් පනවමින්, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට අවශ්‍ය අරමුදල් කපාහැරීමේ උත්සාහයක් ගෙන තිබේ.
මෙම දැඩි සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජනා කර තිබූ අතර, උතුරු කොරියාවේ මිතුරු රාජ්‍යයන් වන රුසියාව හා චීනය මෙම සම්බාධක තරමක් ලිහිල් කිරීමට ගෙනා යෝජනා පිළිගැනීම හේතුවෙන් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඒකමතික අනුමැතිය හිමිව තිබුණි.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති උතුරු කොරියාව පවසා තිබුණේ, මෙම දැඩි සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව අනිවාර්යයෙන්ම යම් දිනක පොලියත් සමග වන්දි ගෙවනු ඇති බවයි.