ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා පෙන්ටගනය ඉලක්ක කරමින් එල්ල වූ අල්කයිඩා ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයේ 9/11 ප්‍රහාරයට අදට (11දා) වසර 16ක් සපිරෙයි.
2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ මෙම දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරය ලෝක ඉතිහාසයේ ගමන්මග වෙනස්කළ සිදුවීමක් බව පැවසිය යුතුය.
නිව්යෝක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුණු ද්විත්වය බිමට සමතලා කරමින්, ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයට පවා ප්‍රහාර එල්ල කරමින් මගී ගුවන් යානා හතරක් යොදා ගනිමින් මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් අණ ලබාදී තිබුණි.
අල්කයිඩා ත්රස්තයන් 19 දෙනෙකු ප්‍රහාරයට සහභාගී වී තිබූ අතර, ඇමෙරිකන් එයාර්ලයින්ස් සහ යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් යානා හතරක්ද මේ සමග පිපිරී විනාශ වී ගියේ එහි සිටි සියලු මගීන් හා කාර්ය මණ්ඩලයද සමගිනි.
විශේෂයෙන්ම පෙන්ටගනය වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එම ප්‍රහාරයෙන් පසුව පෙන්ටගනය මුහුණදුන් ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් අද මාධ්‍ය වෙත ඉදිරිපත් වී තිබුණේ මෙසේය.
මෙම ප්‍රහාරයෙන් පුද්ගල ජීවිත 3,000කට අධික ප්‍රමාණයක් අහිමි වූ අතර, ප්‍රහාරයේ වගකීම දැරූ ඔසාමා බින් ලාඩ්න් පසුව ඇමෙරිකානු ප්‍රහාරයකින් පාකිස්තානයේදී ජීවිතක්ෂයට පත්විය.