නයිජීරියාවේදී මරාගෙන මැරෙන බෝම්බකාරියන් තිදෙනෙකු විසින් සිදුකරන ලද ප්‍රහාරයකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊසානදිග නයිජීරියාවේ, බ්‍රෝනෝ ප්‍රාන්තයට ආසන්න මයිඩුගුරු ප්‍රදේශයේ සරණාගත කඳවුරක් ඉලක්ක කරමින් මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය ඉලක්ක කර ඇති අතර, මෙම ප්‍රදේශය බොකෝ හරාම් ඉස්ලාමීය ජිහාඩ් ත්රස්තයන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙයි.
පසුගිය මාස කිහිපය පුරාම ප්‍රදේශයේ ප්‍රචණ්ඩක්‍රියාවල වර්ධනයක් සිදුව පවතින බව ආරක්ෂක අංශ තහවුරු කරයි.
බොකෝ හරාම් ඉස්ලාමීය ජිහාඩ් ත්රස්තයන් 2009 වසරේ සිට නයිජීරියාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීමේ අටියෙන් සටන් වදිමින් සිටිති.
මෙම ප්‍රහාරය පිළිබඳ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර ඇති ඇමෙරිකානු ත්‍රස්ත විරෝධී පර්යේෂණ ආයතනය පවසන්නේ පිරිමින්ට වඩා කාන්තා මරාගෙන මැරෙන බෝම්බකාරියන් පිරිසක් එකවර යොදාගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙන බවයි.