ඊසානදිග නයිජීරියාවේ තවත් නගර රැසක් බොකෝ හරාම් ත්රස්තයන්ගේ ප්රහාරයන්ට ලක්ව ඇති බව බී.බී.සී.ය පවසයි.
රොයිටර් පුවත් සේවය පවසන පරිදි එක් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 10ක් පමණ ඝාතනය කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.
එමෙන්ම, තවත් වාර්තාවකින් කියවුනේ ක්‍රිස්තියානි දේවස්ථාන බෝම්බ හා වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බවයි.
පසුගිය අප්‍රේල් මාසයේදී ගැහැනු දරුවන් 200කට වැඩි පිරිසක් පැහැරගෙන ගිය චිබොක් නගරයට ආසන්නයෙන් මෙම සිදුවීම් වාර්තා වී ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත් මෙම ප්රහාරයන් සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරක් ලැබී නොමැති බවද බී.බී.සී.ය පවසයි.
පසුගිය මාස කිහිපය තුළ බොහෝ හරාම් ත්රස්තයන් විසින් මේ ආකාරයෙන් ගම්මාන වෙත එල්ල කළ ප්රහාරයන්ගෙන් මියගිය පිරිස අති විශාලය.