2017 ඔක්තෝබර් මාසයේදී IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදීන් නයිගර් රාජ්‍යයේදී ඇමෙරිකානු සෙබලුන් සිව්දෙනෙකු මරා දැමීම සඳහා දියත් කළ රැකසිට සිදුකළ ප්‍රහාරයේ වීඩියෝ දර්ශන මුදාහැර තිබේ.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී එම හමුදා සෙබලුන්ගේ හෙල්මටයේ රැඳුණු කැමරාවල මෙම වීඩියෝ දර්ශන සටහන් වී ඇති අතර, මෙය එම සංවිධානය වෙත සාමාජිකයන් බඳවා ගැනීමේ ප්‍රවර්ධන වීඩියෝවක් බවට පත්ව තිබේ.
සංස්කරණ නොකළ දසුන් දැක්වෙන වීඩියෝව මගින් මෙම ප්‍රහාරය IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් සිදුකරන ලද ප්‍රහාරයක් බව තහවුරු කිරීම සඳහා උත්සාහයක් දරා ඇති බවද විශ්වාස කෙරෙයි.
මෙම සෙබලුන් සිව්දෙනාගේ මරණ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැඩි කතාබහකට ලක්වූ අතර, ඔවුන් තම අවසන් මොහොත දක්වාම ධෛර්යවන්තව සටන් කරන ආකාරය එහි දැකිය හැකිය.