ජීවිතාරක්ෂක නෞකාවක් යැයි සිතා ට්‍රෝලර් යාත්‍රාවකින් උදව් ඉල්ලීමට පැමිණි අනවසර සංක්‍රමණික බෝට්ටුවක් එම යාත්‍රාවේ ගැටී අනතුරට පත්ව තිබේ.
මධ්‍යධරණී මුහුදේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනවසර සංක්‍රමණිකයන් රැගත් කුඩා බෝට්ටුව ටියුනීසියානු ධීවර යාත්‍රාවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම අනතුරින් එම බෝට්ටුවේ පැමිණි අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් බහුතර පිරිසක් අතුරුදන්ව ඇති බව ඉතාලි වෙරළාරක්ෂක බලකාය පවසයි.
ඉතාලි වෙරළාරක්ෂක බලකාය පවසන පරිදි ඊයේ දිනයේ පමණක් බෝට්ටු 11ක පැමිණි අනවසර සංක්‍රමණිකයන් 1200ක් බේරාගැනීමට හැකි වී තිබේ.
එහිදී, එක් දැව ට්‍රෝලර් යාත්‍රාවක පමණක් 500ක පිරිසක් පැමිණි බවද ඔවුහු පවසති. ඒ අනුව, මෙම වසර තුළදී මේ දක්වා 4,655 දෙනෙකු යුරෝපය වෙත බෝට්ටු මගින් පැමිණීමට ගොස් මධ්‍යධරණී මුහුදේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.