ධවල මන්දිර සන්නිවේදන අධ්යක්ෂ 28ක තරුණියක්
ධවල මන්දිරයේ සන්නිවේදන අධ්යක්ෂ තනතුරේ වැඩබලමින් සිටි 28 හැවිරිදි හෝප් හික්ස් එහි ස්ථිර සේවයට එක්වන බව ඇමෙරිකානු මාධ්‍ය අනාවරණය කරයි.
වසර ගණනාවක් පුරා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය සේවකයෙකු ලෙස කටයුතු කර ඇති ඇය, ට්‍රප්ම් ජනපති ධුරයට පත්වීමෙන් පසුව සන්නිවේදන අධ්යක්ෂ ධුරයට පත්වන සිව්වැනි තැනැත්තාය.
ඊට පෙර එම ධුරයේ කටයුතු කළ ඇන්තනී ස්කාරමූචි දින 10ක් වැනි කෙටි කාලයකින් ධුරයෙන් නෙරපා හැරීමට ට්‍රම්ප් කටයුතු කළේය. ස්කාරමූචිට පෙර සීන් ස්පයිසර් සහ මයික් ඩුබ්කේද එම ධුරයෙහි කටයුතු කර තිබුණි.
ඒ අනුව, නව සන්නිවේදන අධ්‍යක්ෂවරිය ලෙස ස්ථිර සේවයට එක්වූ හික්ස් 28 හැවිරිදි තරුණියක වුවත්, ඇය ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ මූලෝපාය සන්නිවේදන අධ්යක්ෂ සහ මාධ්‍ය ලේකම් ලෙසද කටයුතු කරමින් අත්දැකීම් සම්භාරයක් ලැබූවෙකු ලෙස ප්රකටය.
ට්‍රම්ප් ව්‍යාපාරයේ හිටපු සේවිකාවක වන ඇය ඔහුට වඩාත් විශ්වාසදායී සේවිකාවක ලෙස පිළිගැනීමක් ඇති නිසා, මෙවර ධවල මන්දිර සන්නිවේදන අධ්යක්ෂ ධුරයේ ඇය යම් කාලයක් රැඳී සිටිනු ඇති බවද විශ්වාස කෙරෙයි.
හිටපු නිරූපණ ශිල්පිනියකද වන හික්ස්, ට්‍රම්ප් දියණිය වන ඉවන්කාගේ විලාසිතා නාමයන් සඳහා පෙනී සිටිමින් ට්‍රම්ප් පවුල සමග සමීප ඇසුරක් පැවැත්වූවෙකු බවද නොරහසකි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

