ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දීර්ඝ කාලීන උපදේශකයෙකු ලෙස මෙමන්ම, ධවල මන්දිරයේ මාධ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ හෝප් හික්ස් සිය ධුරයෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.
29 හැවිරිදි වියේ පසුවන රූමත් හෝප්, හිටපු නිරූපිකාවක් වන අතර, ඇය ට්‍රම්ප් ව්‍යාපාරයේද ට්‍රම්ප්ගේ සහායිකාවක් ලෙස වසර ගණනාවක් සේවය කළ අයෙකි.
ධවල මන්දිරයේ තමාට ජයග්‍රහණය කළ හැකි සියලු ඉලක්ක තමන් මේ වනවිට සපුරා ඇති බව ඇය සිය මිතුරන්ට පවසා ඇත.
ඇය ධවල මන්දිරයේ මාධ්‍ය අධ්යක්ෂ ධුරයට පත්වූ සිව්වැනි තැනැත්තාය.
කෙසේ වෙතත්, ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා සාරාහ් සැන්ඩර්ස් පවසා තිබුණේ ඇය ධවල මන්දිර පරිපාලනයෙන් ඉවත්ව යන දිනය තවමත් පැහැදිලි නොමැති බවයි.
එමෙන්ම, ඇමෙරිකානු පාර්ලිමේන්තුව වන කැපිටල් හි බුද්ධි කමිටුව ඉදිරියේ ඇය සිදුකරන ලද වාචික සාක්ෂිය හා ඇගේ ඉවත්ම යෑම අතර සබඳතාවක් නොමැති බවද මාධ්‍ය ප්‍රකාශිකාව පවසා ඇත.
මේ අතර, ඇමෙරිකානු ජනපතිවරයාගේ ධවල බොරු කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස මාධ්‍ය විසින් ඇයවද හංවඩු ගසා තිබුණත්, ඇය නිතර පවසා තිබුණේ තමන් අසත්‍ය ප්‍රකාශ කරන්නෙකු නොවන බවයි. විශේෂයෙන්ම 2016 ජනපතිවරණයේ රුසියානු අතපෙවීම් සිදුවූයේ යැයි කියන සිදුවීම සම්බන්ධයෙන්ද තමා අසත්‍යයක් නොකී බව ඇය කියා තිබුණත්, මේ සම්බන්ධයෙන් ඇයට ජනපතිවරයාගෙන් දෝෂාරෝපණයක් එල්ල වී ඇති බවක්ද වාර්තා වේ. ඒ අනුව මේ කවර හෝ සිදුවීමක් ඇගේ ඉවත්වීමට හේතු විය හැකිය.