ඇමෙරිකානු ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය නම් කෙරෙන පක්ෂ සම්මේලනය අතරතුර ඔබාමා - හිලරි ප්‍රේම වෘත්තාන්තය ජාත්‍යන්තරයේ වඩත් කතාබහට ලක්වූ සිදුවීමක් වී තිබේ.
එහිදී, ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වෙනුවෙන්, එම පක්ෂ සම්මේලනයට පැමිණි වත්මන් ජනපති බරැක් ඔබාමාගේ දේශනය මුල සිටම අගටම හිලරි පිළිබඳ වර්ණනාවන්ගෙන් පිරී පැවතුණි.
වත්මන් ජනපති ලෙස තමාට මෙන්ම, හිටපු ජනපති හිලරිගේ ස්වාමියා වූ බිල් ක්ලින්ටන්ටත් වඩා මෙවර ඇමෙරිකාවේ සුක්ඛානම භාරදීමට හිලරි හැර සුදුසුකම් ඇති වෙනත් අයෙකු නොමැති බව සිය දේශනයේදී ඔබාමා අවධාරණය කළේය.
බරැක් ඔබාමාගේ මේ හැඟීම්බර දේශනයෙන් පසුව වේදිකාවට පැමිණි හිලරි ක්ලින්ටන් ඇය වෙනුවෙන් ලැබුණු වර්ණනාවන්ගෙන් මුසපත්ව ඔබාමා වැළඳ ගෙන තිබුණේ, කලෙකින් හමුවූ පෙම්වතුන් යුවළක් මෙනි.
මෙම ඡායාරූප එකතුවට මේ වනවිට සමාජජාල තුළ වඩාත් උණුසුම් ප්‍රතිචාර හිමිවෙමින් පවතින්නේද ඒ නිසාය.
ඡායාරූප ඒ.එෆ්.පී.