තායිලන්තයේ හිටපු අගමැතිනී යින්ග්ලක් ෂිනවත්රාට එල්ල වී ඇති දූෂණ චෝදනා හමුවේ ඇය පසුගියදා ඩුබායි දේශය වෙත පළා ගොස් ඇති බව ඇගේ පක්ෂයේ සාමාජිකයෝ පවසති.
සහල් සහනාධාර වැඩසටහනක් සම්බන්ධයෙන් සිදුවූවා යැයි කියන දූෂණයක් පිළිබඳ විමර්ශන ඇයට සිය අගමැති ධුරය පවා අහිමි වීමට හේතු වූ අතර, එම විමර්ශන යළි ආරම්භ වීමට පෙර ඇය මෙසේ රට හැර යාමට හේතු වූවා යැයි සැක කෙරෙයි.
හිටපු අගමැතිනිය ඩුබායි බලා ගමන් කර තිබුණත්, ඇගේ ගමනාන්තය පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා නොවීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, මෙම නඩුව සම්බන්ධයෙන් ඇය අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට අපොහොසත් වුවහොත්, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමක් සිදුවනු ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු වූ තක්ෂින් ෂිනවත්රාද දූෂණ චෝදනාවන්ට වරදකරු වෙමින් ඉන් බේරීම සඳහා පළාගොස් සිටින්නේ ඩුබායි දේශය වෙතය. ඔහු 2008 වසරේ සිට ඩුබායි හි රැඳී සිටියි.