වඳවී යාමේ තර්ජනයට මුහුණදී සිටින මෝරුන් විශාල ප්රමාණයක් දඩයම් කළ චීන ධීවර යාත්රාවක් ගැලපගෝස් දූපත් ආශ්රිතව සැරිසරද්දී අත්අඩංගුවට ගැනීමට ඉක්වදෝරය කටයුතු කර තිබේ.
ෆු යුආන් යූ ලෙන්ග් 999 නමැති මෙම ධීවර යාත්රාව සුවිශේෂී සාගර රක්ෂිතයක් ආශ්රිතව මසුන් ඇල්ලීමේ නිරතව ඇති අතර, එම යාත්රාවේ තිබී මාළු ටොන් 300ක් සොයා ගැනීමට ඉක්වදෝර බලධාරීන්ට හැකිවී තිබේ.
ඔවුන් අල්ලාගෙන ඇති බොහෝ මාළුන් වඳවී යාමේ තර්ජනයට ලක්වූ මෝරුන් බව අනාවරණය කරගෙන ඇති අතර, ඒ අතර මිටි හිස් ඇති මෝරුන් ද සිටි බව සඳහන් වේ.
ඒ අනුව, මෙම යාත්රාවේ සිටි කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු ඉක්වදෝර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම දුර්ලභ සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් වුවහොත් අවම වශයෙන් වසර 3ක සිර දඬුවමකට ඔවුන්ට මුහුණදීමට සිදුවනු ඇති බවද සඳහන් වේ.
ගැලපගෝස් දූපත් කොදෙව්ව යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම්කර ඇත්තේද එහි පවතින සුවිශේෂී ජෛවවිවිධත්වය බවද කියැවෙයි.