ඉන්දියාවේ අගනගරය වන දිල්ලි නගරයේ වායු දූෂණය අතිශය දරුණු මට්ටමකට පත්වීමත් සමග මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට බලධාරීහු සූදානම් වෙති.
ඒ වෙනුවෙන් නව සැලසුමක් දියත් කිරීමට ඔවුන් සැරසෙන අතර, මෙයට රථ වාහන සීමා කිරීම මෙන්ම ප්‍රධාන විදුලිබලාගාර වසා දැමීම වන බව සඳහන් වෙයි.
දීපවාලී උත්සවයට පෙර දින එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් පැනවූ විශේෂ මණ්ඩලයක් විසින් මෙම සැලසුම් සකස් කෙරෙන බව කියැවෙයි.
එමෙන්ම අධිකරණය විසින් දිල්ලි නගරය ආශ්‍රිතව ගිනිකෙලි භාවිතය මෙන්ම විකිණීමද තහනම් කරනු ලැබුවේ දීපවාලි උත්සවය ඉලක්ක කරමිනි.
දිපවාලී හින්දු භක්තිකයන්ට අතිශය වැදගත් උත්සවයක් ලෙස සලකන අතර, නපුර පරාජය කර හොඳ ජයගැනීම මෙහි තේමාව වෙයි.
කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය තුළ මෙම උත්සව සැමරුම හරහාද ගිනිකෙළි දැල්වීමෙන් දිල්ලි නගරයේ වායු දූෂණයේ වැඩිවීමක් සිදුවූ බව බලධාරීන් හඳුනාගෙන තිබුණි.