දිල්ලි සමූහ දූෂකයාගේ සම්මුඛ සාකච්ඡාවට තහංචි
දිල්ලි බස් රථයක් තුළ 2012 දී තරුණියක සමූහ දූෂණයට ලක්කර, මරණ දඬුවමට නියම වී සිටින අයෙකු සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා රූපවාහිනී කණ්ඩායමකට අවසර දීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.
මෙම පරීක්ෂණය පවත්වන බවට දිවුරා පොරොන්දු වන රාජ්නාත් සිං අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේදී එම වාර්තා චිත්‍රපටය දැඩි විවේචනයකටද ලක්කර තිබේ.
මේ අතර, දිල්ලි අධිකරණය විසින් එය විකාශනය කිරීම අත්හිටුවා ඇති අතර, එය බී.බී.සී හා එන්.ඩී.ටී.වී. යන රූපවාහිනී මාධ්‍ය ආයතන වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද්දක් බව පැවසෙයි.
මෙම චිත්‍රපටය නිර්මාණය කළ ලෙස්ලී උඩ්වින් පවසන්නේ බන්ධනාගාරයෙන් හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් තමන් මෙම සම්මුඛ සාකච්ඡාව ගැන අවසර ලබාගත් බවයි.
23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව බස් රථය තුළදී දූෂණය කර මරා දැමූ සමූහ දූෂකයන් සිවු දෙනාගෙන් අයෙකු වන මුකේෂ් සිං සමග මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, එහිදී, ඔහු තමාගේ ක්‍රියාව ගැන පසුතැවිලි නොවී, මියගිය තරුණිය වෙතම වරද පටවා ඇති බවද කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

