ඉන්දියාවේ, දීවාලි හින්දු උත්සවය සමයේදී එරට අගනුවර වූ දිල්ලියේ ගිනිකෙළි දැල්වීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් තහනම් කර තිබේ.
මේ වනවිටත් ලෝකයේ ඉහළ වායු දූෂණයක් ඇති බව පැවසෙන දිල්ලි නගරය තුළ ගිනිකෙළි දැල්වීම තහනම් කිරීමෙන් යම් තරමක හෝ අස්වැසිල්ලක් ලැබිය හැකිදැයි බැලීම මෙම තහනමේ අභිප්‍රාය බව අධිකරණය පවසයි.
මෙම තහනමට අනුව නොවැම්බර් 01 වැනිදා දක්වා ගිනිකෙළි අලෙවිය, බෙදාහැරීම මෙන්ම දැල්වීමද තහනම් කර ඇත. දීවාලි උත්සවය යෙදී තිබෙන්නේ ඔක්තෝබර් 18 වැනිදාටය.
ඉන්දියානුවන් ඉතා උත්කර්ෂවත් අයුරින් සමරන දීවාලී උත්සවය, උතුරු ඉන්දියාව තුළද මහත් හරසරින් සැමරෙයි.