ට්විටර් - නෙට්ෆ්ලික්ස් වැනි අතිශය ජනප්‍රිය වෙබ් අඩවි වෙත ඇතැම් පරිශීලකයන්ට පිවිසිය නොහැකි ආකාරයෙන් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් ඊයේ (21දා) දිනයේදී සිදුවීම සම්බන්ධයෙන් FBI ආයතනය පරීක්ෂණ අරඹා තිබේ.
ජාත්‍යන්තර වශයෙන් බලපා ඇති මෙම සයිබර් ප්‍රහාරය Twitter (TWTR, Tech30), Etsy (ETSY), Github, Vox, Spotify, Airbnb, Netflix (NFLX, Tech30) සහ Reddit යන වෙබ් අඩවි වෙත බලපා තිබූ බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මීට බලපා ඇති සියලු ආකාරයේ තත්ත්වයන් සම්බන්ධයෙන් ඉතා සියුම් නිරීක්ෂණයක් සිදුකරමින් පරීක්ෂණ සිදුකෙරෙන බවද FBI ආයතනය පෙන්වා දෙයි.
මෙම සයිබර් ප්‍රහාරය මුලින්ම සිකුරාදා උදෑසන 7.00 ට පමණ සිදුව ඇති අතර, පසුව උදෑසනදීම එය යථාතත්ත්වයට පත්කර තිබේ. කෙසේ වෙතත්, යළි සිකුරාදා සවස් කාලයේදී යළිත් සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත. එමෙන්ම, තුන්වැනි සයිබර් ප්‍රහාරයක් පිළිබඳවද අවධානයෙන් පසුවන බව සයිබර් ආරක්ෂණ බලධාරීහු පවසති.
පළමු සයිබර් ප්‍රහාරයට නැගෙනහිර වෙරළ කලාපයේ ඇතැම් පරිශීලකයන් මුහුණදී තිබුණද, පසුව දෙවැනි සයිබර් ප්‍රහාරය යුරෝපය වෙතද බලපා තිබූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.