ඉන්දියාවේ කුල පීඩනයෙන් පෙළෙන දාලිත් වැසියන් සමග තමන් බුදු දහම වැළඳ ගැනීමට කටයුතු කරන බව එරට උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනී මායාවතී පවසා තිබේ.
ඉන්දීය බහුජන් සමාජ් පක්ෂයේ නායිකාව වන මායාවතී එම අභියෝගය කරන ලද්දේ 'අසාම්ගර්' නගරයේ පැවති මහජන රැළියක් අමතමිනි.
මීට පෙර මේ ආකාරයෙන්ම ඉන්දියාව තුළ දැවැන්ත වෙනසක් කිරීමට ආචාර්ය භීම්රාඕ අම්බෙඩ්කාර් තුමන් 1956 කටයුතු කළේ ඉන්දීය සමාජයෙන් කොන්වූ කුලයෙන් හීන ජනතාව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමග බුදු දහම වැළඳ ගනිමිනි.
මෙහිදී, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය වෙත අභියෝගයක් කරමින් ඇය පවසා සිටියේ, "දලිත් ජනතාව, ආදිවාසීන් සහ වෙනත් පසුගාමී සමාජ කණ්ඩායම් කෙරෙහි මේ වනවිට දක්වන කුලවාදයේ වෙනසක් දැකිය යුතුයි. ඒ විවෘත අභියෝගය මා පෙරට තබමින් කටයුතු කරනවා. ඒ වගේම, මේ අභියෝගය ඉටු නොවුණොත් එම ජන කොටස් සමග අපේ ආගම් වෙනස්කර බුදු දහම වැළඳ ගන්නවා" යනුවෙනි.
ඉන්දීය දේශපාලනයේ යකඩ ගැහිණිය යන විරුධාවලිය ලැබූ මායාවතී කිහිප වරක්ම උත්තර් ප්‍රදේශ් මහ ඇමති ධුරය හොබවා තිබේ.