ජංගම දුරකථන කෙටි පණිවුඩ ලිවීමේදී සිදුකරන සම්මතයෙන් පිට ඉංග්‍රීසි භාවිතය, දරුවන් සම්මත ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ පිළිබඳ ඉගෙනීමට ගැටලුවක් නොමැති බව පර්යේෂණයකින් හෙළි වී ඇතැයි බී.බී.සී.ය පවසයි.
වයස අවුරුදු 8 – 16 ත් අතර දරුවන් 160 දෙනෙකු යොදා ගනිමින් බ්‍රිතාන්‍යයේ වෙස්ට් මිඩ්ලෑන්ඩ්ස් හි සිදුකළ පර්යේෂණයකදී මෙම තොරතුර හෙළි වී තිබේ.
මෙම පර්යේෂණය වසරක කාලයක් සිදුකර ඇති අතර, දරුවන් අතට ජංගම දුරකථනය හුරුවීමට පෙර ඔවුන් ඉංග්‍රීසි පිළිබඳ පරීක්ෂණයකට යොමු කර ඇති අතර, පසුව වසරකින් ඔවුන්ගේ ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසයන් හා ව්‍යාකරණ පිළිබඳ දැනුම පිරික්සීමේදී වඩාත් නිර්මාණශීලී ලෙස කෙටි පණිවුඩ ලියන්නන්, හොඳින් අක්ෂර වින්‍යාසයන්ට හුරු වී ඇති බව තහවුරු වී තිබේ.