වයඹදිග චීනයේ පාසල් සිසුන් වෙත බලකරමින් ඔවුන්ගෙන් ලේ ලබාගැනීම සඳහා ව්‍යාපෘතියක් දියත් කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 7 දෙනෙකු අත් අඩංගුවට ගත් බව චීන රජයේ මාධ්‍ය වාර්තා කරයි.
පොලීසිය පෙන්වාදෙන පරිදි මේ වනවිටත් වයස අවුරුදු 10 – 16ත් අතර වයසේ පසුවන සිසුන් 8 දෙනෙකුගෙන් මේ ආකාරයෙන් ලේ ලබාගෙන ඇති බව පැවසෙයි.
එහිදී, ලේ ලබාගැනීම සඳහා මැර පිරිසක් යොදවා දරුවන්ට පහරදීමක් සිදුකර ඇති බවටද තොරතුරු පවතී.
අත්අඩංගුවට පත්වූවෙකු අතර සිටින රුධිර මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පවසා ඇත්තේ, ලේ දන්දෙන්නන් ප්‍රමාණය වැඩිකරන ලෙසට තමන්ට පැවති දැඩි බලපෑම් නිසා මෙවැනි ක්‍රියාවකට යොමුවූ බවයි.
ඒ අනුව, ලේ ලබාගෙන ඇති සිසුන් 8 දෙනාගෙන් මසකට එක් වරක් බැගින් මාස හතක කාලයක් ලේ දීමට ඔවුන්ට බල කිරීම තුලින් මීට සම්බන්ධ පිරිස ඩොලර් දහස් ගණනක් උපයා ඇති බව පොලීසිය පවසයි.
එහිදී, සැකකරුවන් ව්‍යාජ හැඳුනුම් පත් යොදාගෙන මෙම සිසුන් වැඩිහිටියන් ලෙස හුවා දක්වමින් ඔවුන්ගේ රුධිරය ලබාගෙන ඇති බව පැවසෙයි.