දකුණු සුඩානයේ ජූබා අගනුවර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය වහා මැඬපවත්වමින්, ප්‍රචණ්ඩක්‍රියා රටපුරා ඇති වීම වැළැක්වීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය එම රටට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
එම කවුන්සිලයේ ඒකමතික ලියවිල්ලකින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති අතර, බර අවි යොදාගෙන ප්‍රබල ප්‍රහාර මාලාවක් දියත්වීම මෙන්ම, එක්සත් ජාතීන්ගේ කාර්යාලය පිහිටි ප්‍රදේශයේ පවා සිදුව ඇති ප්‍රචණ්ඩක්‍රියා එමගින් දැඩිව හෙළා දැක තිබේ.
එහිදී, දෙපාර්ශ්වය අතර සාමය ඇති කිරීම සඳහා අමතර සාමසාධක හමුදාවක් එවීමේ අවශ්‍යතාවද එමගින් මතුකර තිබේ.
පසුගිය සිකුරාදා දිනයේ සිට දකුණු සුඩානයේ ජනාධිපතිවරයාට පක්ෂපාතී රජයේ හමුදා සහ උප ජනාධිපතිවරයාට පක්ෂපාතී කැරලි හමුදා අතර ඇති වූ දරුණු ගැටුම්වලින් සිය ගණනක පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
උප ජනාධිති රිඑක් මචාර් පවසා තිබුණේ ජනාධිපතිවරයාට පක්ෂපාතී රජයේ හමුදා තම බල ඇණිවලට ජුබා නගරයේදී ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ගැටුම් උත්සන්න වූ බවයි.
ජුබා නගරයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පවසා සිටියේ බර අවි යොදාගනිමින් දැවැන්ත පහරදීමක් නගරය තුළ සිදුවූ බවයි. ජනතාව තම ජීවිත බේරාගැනීමට නිවාස අත්හැර පළාගිය බවත් ඔවුන් පවසා තිබුණි.
කෙසේ වෙතත්, සෙනසුරාදා යම් සන්සුන් බවක් පැවතියත්, ඉරිදා දිනයේදී පවා තැනින් තැන ගැටුම් පැවති බව විදෙස් වාර්තා පවසා තිබුණි.