දකුණු චීන මුහුදේ වූ විවාදයට තුඩුදී ඇති දූපතේ සිදුවන හමුදා ඉදිකිරීම්වල චන්ද්‍රිකා ඡායාරූප ගූගල් අර්ත් සිතියම්වල අපැහැදිලි කරන ලෙස තායිවානයෙන් ඉල්ලීමක් කර තිබේ.
තායිපින්ග් හෙවත්, ඉටු අබා දූපත චීනයේ ස්ප්රැට්ලි දූපතේම කොටසක් වන අතර, එය දකුණු චීන මුහුදේ අයිතිය පිළිබඳව දැනටමත් අර්බුධයක් නිර්මාණය කර ඇත.
මෙම දූපත මේ වනවිට තායිවානය යටතේ පාලනය වුවත්, එහි අයිතිය සම්බන්ධයෙන් චීනය, වියට්නාමය සහ පිලිපීනය මත ගැටුමක සිටියි.
ගූගල් අර්ත් සිතියම්වල අවසන් වරට දක්නට ලැබුණු දසුන්වලින් පසුව මේ වනවිට එහි නව ඉදිකිරීම් හතරක් දැකිය හැකිය.
මෙම දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධයෙන් කලාපයේ රාජ්‍යයන් රැසක් ශතවර්ෂ ගණනාවක මුළුල්ලේ යම් මත ගැටුමක සිටියත්, පසුගිය කාලසීමාවේදී ඒ මත ගැටුම අර්බුදකාරී තත්ත්වයක් දක්වා උග්‍ර විය.