දකුණු කොරියාවේ සෝල් අගනුවර දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 170කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
එරටින් ලැබෙන වාර්තාවලට අනුව තුවාලකරවන් වහාම රෝහල්ගත කර තිබුණත්, ඒ අතර බරපතල තත්ත්වයේ පසුවූවන්නොවූ බව පැවසෙයි.
නැගෙනහිර සෝල් නගරයේ දුම්රිය ස්ථානයක නවතා තිබූ දුම්රියක පසුපසින් පැමිණි දුම්රියක් හැපීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පැවසෙයි.
මගී යාත්රාවක් මුහුදුබත්වීම හේතුවෙන් පුද්ගලයන් 300ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති වාතාවරණයක මෙම දුම්රිය අනතුරද දකුණු කොරියාවේදී සිදුවිය.