දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ග්වෙන්-හයි සිය මිතුරිය සිදුකර ඇති මූල්‍ය වංචාවේ සැලකිය යුතු හවුල්කාරීත්වයක් දරා ඇති බව එරට අභිචෝදකයෝ පවසති.
ජනාධිපතිනියගේ මිතුරිය වන චොයි සූන්-සිල් හා අනෙක් පෞද්ගලික සහායකයන් දෙදෙනා සම්බන්ධ චෝදනාවන් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රධාන අභිචෝදක ලී යන්ග්-ර්යෙලෝ පවසා සිටියේ ජනාධිපතිනියද කුමන්ත්රණයේ කොටස්කාරියක බවයි.
කෙසේ වෙතත්, ජනාධිපතිනියගේ නීතීඥයන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, මෙම චෝදනා අහස් මාලිගයක් පමණක් බවද කියයි.