දකුණු කොරියාවේ බලයෙන් පහ කෙරුණු හිටපු ජනපතිනී පාක් ග්වෙන්-හයි වෙත චෝදනා එල්ල වූ අල්ලස් සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැම්සුන් සමාගමේ නියෝජ්‍ය සභාපති ලී ජේ-යොන්ග් වෙත වසර 12ක සිරදඬුවමක් පැනවීම සම්බන්ධයෙන් එරට අභිචෝදකයෝ කටයුතු කරමින් සිටිති.
සැම්සුන් සමාගමේ අනු සමාගම් දෙකක් ඒකාබද්ධ කිරීම සඳහා රජයේ සහාය ලබාගැනීම වෙනුවෙන් විශාල අල්ලසක් ලබාදීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි.
මෙම දූෂණ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මාසයේ සිට නියෝජ්‍ය සභාපතිවරයා සිරභාරයේ සිටින අතර, ඔහු පවසන්නේ තමන් කිසිදු ආකාරයක වරදක් සිදු නොකළ බවයි.