ද කොරියා ජනපතිගේ තවත් සමීපතමයන් 2කට වරෙන්තු
දකුණු කොරියානු ජනාධිපති පාක් ගුඑන්-හයි ගේ හිටපු සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා එරට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
රජයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ හා සමගාමීව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට යයි.
එහිදී, ජනාධිපතිනියගේ ප්‍රතිපත්ති සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ ලේකම් අහ්න් ජොන්ග්-බිඔම් සහ පෞද්ගලික ලේකම් ජන්ග් හෝ-සන්ග් වෙත මෙම වරෙන්තු නිකුත් කර ඇත.
බලය අයුතු ලෙස භාවිත කිරීම හා වංචාවන්ට හවුල්වීම සම්බන්ධයෙන් ඔවුන් වෙත චෝදනා එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, හිටපු ජනාධිපතිනිය මේ වනවිට ප්‍රසිද්ධියේ දෙවරක් සමාව ගෙන ඇති අතර, තමා යළි නිවැරදි මාර්ගයට පැමිණෙන බවද පවසා තිබේ.
කෙසේ වෙතත්, තම ජගමිතුරන්ට සංග්‍රහ කිරීමට ගොස් රට අනතුරේ හෙලූ ජනාධිපතිනියට සමාව දීමට දකුණු කොරියානු ජනතාව තවමත් සූදානම් නොවීමද විශේෂත්වයකි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

