බුරුන්ඩි රාජ්‍යයේ උප ජනාධිපතිවරයෙකු වූ ජෙරවායිස් රුෆීකි රට හැර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට ජනපති පියරේ නුකුරුන්සිසා තෙවැනි වරටත් බලයට පැමිණීමේ වේදිකාවට සහාය දැක්විය නොහැකි බව පවසමින් ඔහු මෙසේ රට හැරගොස් තිබේ.
එළැඹෙන ජූලි මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන් තෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසීමත් සමග මාස කිහිපයක සිට එරට තුළ විවිධ ඝට්ටනයන් ඇති විය.
රට හැරගිය උප ජනාධිපතිවරයා මාධ්‍යයට පවසා තිබුණේ තෙවැනි වර බලය ඉල්ලීම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බවයි.