(UPDATE) බටහිර තුර්කියේ ගල් අඟුරු පතලක ඊයේ (13දා) සිදුවූ පිපිරීමෙන් හා ගින්නෙන් මේ වනවිට පතල්කරුවන් 201ක් පමණ දෙනා මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
බටහිර තුර්කියේ, මනීසා පළාතේ, සෝමා හි පතලක මෙම පිපිරීම සිදුව ඇති අතර, මේ වනවිටත් පතලේ සිරවී සිටින පිරිස් පොළෝ මට්ටමේ සිට කිලෝමීටර් 2ක් පමණ පහළින් හා පතලේ පිටවුම් දොරටුවට කිලෝමීටර් 4ක් පමණ දුරින් සිටින බව වාර්තා වෙයි.
මේ වනවිටත් බේරාගැනීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් ඇරඹී ඇති අතර, පිපිරුම සිදුවන අවස්ථාවේදී පුද්ගලයන් 787ක් පමණ පතල තුළ සේවය කරමින් සිට ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත් මින් සැලකිය යුතු පිරිසක් පිපිරුම අවස්ථාවේදී බේරී ඇති බවද කියැවෙයි.
තුර්කි ජනාධිපති අබ්දුල්ලාහ් ගුල් වහාම ක්‍රියාත්මක වෙමින්, පළාත් ආණඩුකාරවරයාට උපදෙස් ලබාදී ඇත්තේ පතල්කරුවන් බේරාගැනීම සඳහා හැකි සෑම උපක්රමයක්ම යොදන ලෙසය.
සෞඛ්‍ය අංශ පෙන්වාදෙන පරිදි මියගිය පුද්ගලයන් 20 දෙනෙකුගේ පමණ මෘතශරීර රැගෙන විත් ඇති අතර, තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත් පැවසෙයි. කෙසේ වෙතත් ඒ පිරිසෙන්ද හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.