නේටෝ හමුදා විසින් තුර්කියේදී භාවිත කරන ඉන්කිර්ලික් ගුවන් හමුදා කඳවුර තුර්කි ආරක්ෂක අංශ 7,000කට වැඩි පිරිසක් විසින් වට කරමින් ආරක්ෂක දැලක් යොදා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙය හදිසි සෝදිසි මෙහෙයුමක් බව තුර්කි අමාත්‍යවරයෙකු පැවසුවත්, තවත් හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ ඉඟියක් මෙම වැටලීමට හේතු විය හැකි බවටද විදෙස් වාර්තා පවසයි.
ආඩේන් පොලීසිය වෙත තවත් හමුදා කුමන්ත්රණයක ඉව වැටීමෙන් ක්ෂණිකව හමුදා කණ්ඩායම් ඒ වෙත රැස්කර තිබූ බවත්, එම ගුවන් හමුදා කඳවුර වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට කටයුතු කළ බවත් කියැවෙයි.
මෙම සෝදිසි මෙහෙයුම සඳහා එරට හමුදා සාමාජිකයන් මෙන්ම, කැරලිමර්ධන පොලීසියේ සාමාජිකයන් සහ ප්‍රහාරක රථද යොදාගෙන තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසා ඇත.
තුර්කියේ යුරෝපා සංගම් කටයුතු භාර අමාත්‍යවරයා විසින් මෙය හමුදා සෝදිසියක් පමණක් බවත් කලබල වීමට කාරණයක් නොමැති බවත් ට්විටර් පණිවුඩයකින් තිබුණේ, "අප සාමාන්‍යයෙන් සිදුකරන සෝදිසි මෙහෙයුමක් පමණයි. වැරදි වැටහීමක් ඇති කරගැනීමට කිසිදු කාරණයක් නෑ" යනුවෙනි.
කෙසේ වෙතත් මෑතකදී තුර්කිය තුළ ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්රණයෙන් පසුව එරට ආරක්ෂක අංශ සාමාජිකයන් රැසක් අත්අඩංගුවට ගැනුණු අතර, අධිකරණ විනිසුරුවන්ගේ සිට රාජ්‍ය නිලධාරීන් රැසකටද සිය ධුරයන් අහිමි විය.