තුර්කියේ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමේ සිදුවීම පිළිබඳ ඡායාරූප ට්විටර් හා යූටියුබ් හරහා හුවමාරු කිරීම තුර්කිය විසින් අධිකරණ නියෝගයක් මගින් තහනම් කර තිබේ.
මෙම මාරාන්තික සිදුවීම සමාජජාල අඩවි හරහා හුවමාරු වීමත් සමග මෙම තහනම පැනවීමට තුර්කිය කටයුතු කර තිබේ.
ඉස්තාම්බුල් මධ්‍යම විනිශ්චය ශාලාවේදී මෙම ප්‍රාණඇපකාර සිදුවීම තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකරන ලදී.
ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහා ගොඩනැගිල්ල වෙත පොලීසිය පැමිණෙන විට සිදුවූ වෙඩි හුවමාරුවේදී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.