තුර්කියේ ඉස්තාම්බුල් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාල සේවකයෙකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම දෙරට අතර රාජතාන්ත්‍රික අර්බුදයක් ඇති කර තිබේ.
තුර්කි ජාතිකයෙකු වන මෙම තානාපති කාර්යාල සේවකයා අත්අඩංගුවට ගැනීමත් සමග මෙම දෙපාර්ශ්වය විසින්ම දෙරට අතර වීසා පහසුකම් සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.
2016 වසරේදී අසාර්ථක වූ තුර්කි හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ පූජක තැන සමග සබඳතා පැවැත්වූයේ යැයි යන චෝදනා යන චෝදනා යටතේ සැකපිට තානාපති කාර්යාලය සේවකයා අත්අඩංගුවට ගෙන තිබුණි.
කෙසේ වෙතත්, මේ අර්බුදය තුර්කි මුදලේ අගයට මෙන්ම, කොටස් වෙළෙඳ පොළටද දැඩිව දැනී තිබුණි.
තුර්කි විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ මෙය අනවශ්‍ය රාජතාන්ත්‍රික අර්බුදයක් බවට පෙරළාගෙන ඇති බවයි.